Wednesday, January 5, 2011

මායාවක්මයි ආදරේ.................


චංචල වී හැගුම් ‍රැයක්ගානේ
කදුළැල් දෙනවාමයි හදපානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ

චංචල හැගුමක නිදිවරනා තුන්යාමේ
කදුලට ඇයි අඩගසන්නේ හදපානේ
යස එළිමහනේ රස තියෙද්දී ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායවක්මයි ආදරේ

මිරිගුවමද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිගුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ දුක නම් ලං වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක්කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ළග වාගේ සුව ලබද්දී ආදරේ
ලං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනාසේ
ඔබ කී ලෙසටම ආයේ පාලුව ලං වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ

මෙතනින් ගන්න

No comments:

Post a Comment