Sunday, November 25, 2012

හිරු උදාවුනා............


හිරු උදාවුනා මගෙ ලෝකෙට
ඝනදුර දුරුකර පහව ගියා
සිනහව රදවා දොම්නස් නසලා
ඔබමයි කුමරුනි දිවිය පුරා

ඔබ දුටු සෙනෙකින් ආලය හැදිනෙමි
සිත තුල හිරිමල් දහසක් පිපුනා
සතුටෙ කිමිදී පිය වු දෙනෙතින්
ඔබෙ රූ මා මනසින් වින්දා

හිරු උදාවුනා............

පෙරුම් පුරා ආ දිවි ගමනේ
මමද යසොදරාවකි ජීවන කතරේ
නැගෙන්නට අවසරයී අමාවක දවසේ
පුන් සද වෙලා ඔබේ හද අරණේ

your ever loving
-Gayani

Tuesday, November 20, 2012

සද රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළගින්..
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්...

පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...

සද රේණු වෑහෙනා...

තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...

සද රේණු වෑහෙනා... //