Sunday, November 25, 2012

හිරු උදාවුනා............


හිරු උදාවුනා මගෙ ලෝකෙට
ඝනදුර දුරුකර පහව ගියා
සිනහව රදවා දොම්නස් නසලා
ඔබමයි කුමරුනි දිවිය පුරා

ඔබ දුටු සෙනෙකින් ආලය හැදිනෙමි
සිත තුල හිරිමල් දහසක් පිපුනා
සතුටෙ කිමිදී පිය වු දෙනෙතින්
ඔබෙ රූ මා මනසින් වින්දා

හිරු උදාවුනා............

පෙරුම් පුරා ආ දිවි ගමනේ
මමද යසොදරාවකි ජීවන කතරේ
නැගෙන්නට අවසරයී අමාවක දවසේ
පුන් සද වෙලා ඔබේ හද අරණේ

your ever loving
-Gayani

Tuesday, November 20, 2012

සද රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළගින්..
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්...

පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...

සද රේණු වෑහෙනා...

තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...

සද රේණු වෑහෙනා... //

Tuesday, July 17, 2012

ඔබ දන්නවා නම්...

සිත රිදෙනා තරම් ළඳේ... ඔබ දන්නවා නම්
මේ දෙනෙතෙන් වැටෙන කඳුළු... ගැන දන්නවා නම්
මම දන්නෑ ආදරයක්... රිදෙනවා මෙතරම්
ඔබට හැකිද හැර යන්නට... මාව දැන් ඉතින්

බින්ඳු බින්ඳු එකතු කරපු... ආදරේ තරම්...
ඩිංග ඩිංග කල් යන කොට... දැනුනද කොතරම්
මගේ රත්තරන්... මගේ රත්තරන්
හිතට හිතුනේ නැතුවද... ඉන්න බව ඉතින්

ගින්න ගින්න හද ඇවිලී.. දවයි සිතු පැතුම්
යන්න යන්න ඔබ ඈතට.. සිඳෙයි මල් හැඟුම්
මගේ රත්තරන්.. මගේ රත්තරන්
ඇයිද හිතුනෙ නැත්තේ මගේ.. ආදරේ තරම්

සිත රිදෙනා තරම් ළඳේ... ඔබ දන්නවා නම්......

Monday, July 9, 2012

ඔබගේය......


........................................................

ආදරය සුන්දරයි හරියටම අරැනැල්ලක් වගේ

ඒහි සුන්දර බව වින්දේ සැම විටම
නුබගෙන්ම පමණි....
එය කවදා කෙලෙස අමතක කරමිද මම
සැන්දෑ කළුවරට එළිය වී එන්නෙමි
නුබේ ලොවට.......
සිතල මදනලට වෙමි මම උණුසුමක් නුබට
දරා ගැනීමට නොහැකි ආදරයක් දෙන්නෙමි
දයාබරයි නුබෙ සිත සැම විටම
ඉතින් වෙන්වි නොයමි කිසි දිනක
මෙ ජීවිතය ඔබගේය......
 

Friday, May 25, 2012

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..

නුහුරැ නුපුරැදු හීන අරන්
ලගට ඇවිදින් තුරැලු වෙමින්
ආවාට නොකියාම ජිවිතෙන්
නවතින්න හිතුවාද
ආයෙමත් ආදරෙන්...

මිරිගුවක හිත තියලා..
නුඔ දුරක ඇදුනා
රන්චු ගැහෙනා රැනේ තනිකමක් දැනුනා...
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා..
අරැත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා..

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඔ ඇවිත් හිත ලගට හොරෙන්
ආවාට නොකියාම ජිවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.....